Gossips

බස්නාහිර බස් සේවකයන් වෙනස් විරෝධයක

රථ වාහන වැරදි සදහා අය කරන නව ස්ථානීය දඩ මුදලට එරෙහිව ලබන මස 15 වනදා සිට සේවයෙන් ඉවත් වී වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ සේවකයින් පවසනවා.
රථවාහන වැරදි සඳහා අය කරන ස්ථානීය දඩ මුදල් පසුගිය 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමුණා.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමයේ බස්නාහිර පළාත් ප්‍රධාන සංවිධායක යූ.කේ.කුමාරරත්න රේණුක කියා සිටියේ මේ නිසා තම ජීවිකාව පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බවයි.
නව ස්ථානීය දඩ මුදල් අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා ඉහළ දැමුණා.
එමෙන්ම මාර්ග නීති උල්ලගණය කරමින් රථ වාහන ධාවනය කිරීමට අදාළව පැවති රුපියල් දහසේ දඩ මුදල නව ස්ථානීය දඩ මුදල් අය කිරීම යටතේ රුපියල් 2000 දක්වා ඉහළ දැමුණු අතර, නව දඩ මුදල් අය කිරීම යටතේ මීට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැරදි ඇතුළු නව වැරදි 10ක් ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
නව සංශෝධනවලට අනුව මෙතෙක් රුපියල් 20ක්ව පැවති අවම දඩ මුදල ද රුපියල් 500ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
මේ පිළිබදව ප්‍රවාහන සංගම් බහුතරයක් ද පසුගියදා සිය විරෝධය පළ කළා.