Gossips

කැලිෆෝනියාවේ මහා ලැව්ගින්නක්

ඇමරිකාවේ උතුරුදිග කැලිෆෝනියා ප්‍රදේශයේ දැන් පැතිරෙමින් පවත්නා මහා ලැව් ගින්නක් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 17 දෙනෙකු අතුරුදන්වී තිබෙනවා.
ලැව්ගින්න නිවීමට උත්සාහ කළ ගිනි නිවන භටයන් දෙදෙනෙකු පෙරේදා මියගිය අතර, ඊයේ වාර්තාවූයේ ළමයින් දෙදෙනෙකු සහ ඔවුන්ගේ මිත්තනියද ලැව් ගින්නට හසුවී මියගොස් ඇති බවයි.
ගින්නෙන් මේ වනවිට ගොඩනැගිලි 500 ක් පමණ විනාශ වී ඇති අතර, දහස් සංඛ්‍යාත පිරිසක් නිවෙස්වලින් ඉවත්වී තිබෙනවා.
පසුගිය සඳුදා මෝටර් රථයක් ගිනි ගැනීමෙන් ආරම්භ වූ ලැව් ගින්න මේ වනවිට අක්කර 48,000 ක පමණ ප්‍රදේශයක පැතිර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.