Gossips

අම්පාරේ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මරුට (ඡායාරූප)

අම්පාර කල්මුණේ ප්‍රධාන මාර්ගයේ වලතාපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ සවස අනතුර සිදුව ඇත්තේ වෑන් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.
මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් කළ පිළිමතලාව දවුලගල ප්‍රදේශයේ පදිංචි යුවළක්.
අනතුරින් වෑන් රථයට ද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
අනතුර පිළිබඳ සමන්තුරේ පොලිසියයි විමර්ශණ සිදුකරන්නේ.

ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල / සමන් චන්ද්‍රතිලක