Gossips

බුලත්සිංහලදී රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකයි

බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේදී ATM යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා රැගෙන යමින් තිබු රුපියල් කෝටියකට අධික මුදලක් කොල්ලකා තිබෙනවා.
අද සවස 5.30 ට පමණ මෙම කොල්ලකෑම සිදුව ඇති බවටයි පොලිස් හදිසි ඇමතුම් අංශයට තොරතුරු ලැබී තිබුනේ.
මුදල් රැගෙන ගිය වෑන් රථය වෙළඳසැලක් අසල නතර කර එහි පැමිිණි පිරිස ආහාර ගනිමින් සිටියදී ජීප් රථයකින් පැමිණි කොල්ලකරුවන් ආහාර ගනිමින් සිටි පිරිසගේ මුහුණුවලට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලකර මුදල් කොල්ලකා පළාගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ වෑන් රථයේ පැමිණි ආරක්ෂක නිලධාරියා මෙම කොල්ලකෑම සිදුවන අවස්ථාවේ කොල්ලකරුවන්ට මුදල් ලබාගත හැකි ආකාරයට ඔහුගේ ගිනි අවිය ද බැහැර කර තිබී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කොල්ලකෑමට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකපිට එම ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම මුදල් කොල්ලකෑම පිළිබඳ අදාළ ආරක්ෂක ආයතනයේ කළමණාකාරීත්වයේ දැනුමක් තිබුනේ ද යන්න පිළිබඳ වැඩිදුර විමර්ශණ සිදු කෙරෙනවා.
සිද්ධියට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්සිංහල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.