Gossips

කාන්තාවකට පහර දුන් බවට චෝදනා කරමින් විජයපාල හෙට්ටිආරච්චිට විරුද්ධව විරෝධතාවක්

කාන්තාවකට පහරදීමේ සිද්ධියක් මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චිට විරෝධය පළ කරමින් අද අක්මීමන – කුරුඳුවත්ත මං සන්ධියේදී විරෝධතාවක් පැවැත්වුණා.
තම පක්ෂයෙන් ඉදිරිපත් වූ සාමාජිකාව පරාජය වීම හේතුවෙන් එම ප්‍රදේශයෙන් ස්වාධීන කණ්ඩායමකින් ඉදිරිපත් වූ සාමාජිකයන්ට සහාය පළ කළ බවට චෝදනා කරමිනුයි අදාළ කාන්තාවට මන්ත්‍රීවරයා පහර දී ඇත්තේ.
මේ අතර, නුවරඑළිය මාගස්තොට – පහල වත්ත වතු යායේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයට කිසියම් පිරිසක් අද අථයම ගිනි තබා තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් සමඟ ඇති ගැට`ඵවක් හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ ආධාරකරුවන් විසින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.