Gossips

සුළි කුණාටු අවදානමත් සමග ජපානයේ ගුවන් ගමන් සිය ගණනක් අවලංගුයි

ජපානයට ප්‍රචණ්ඩ සුළි සුළඟක් ඇතුළු වන බව සදහන් වීමත් සමග මේ වනවිට එරට අභ්‍යන්තර ගුවන් ගමන් 370 කට වැඩි සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.
ජොන්දාරි ලෙස නම් කර ඇති මෙම සුළි සුළඟ අද රාත්‍රියේ හෝ හෙට අලූයම් කාලයේ පැයට කිලෝමීටර් 180ක පමණ වේගයකින් ජපානයට ඇතුළු වනු ඇති බවයි ජපාන කාලගුණ විද්‍යා ආයතනය කියා සිටියේ.
එය මේ වන විට ටෝකියෝ නුවරට කිලෝමීටර් 400ක් පමණ දුරින් ස්ථානගත වී තිබෙනවා.