Gossips

ප්‍රචණ්ඩ සුළි සුළඟක් අද ජපානයට

මහා ජල ගැල්මකට සහ නාය යාම්වලට ගොදුරු වූ බටහිරදිග ජපානයට අද ප්‍රචණ්ඩ සුළි සුළඟක් ඇතුළු වන බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.
ජොන්දාරි ලෙස නම් කර ඇති මෙම සුළි සුළඟ අද රාත්‍රියේ හෝ හෙට අලූයම් කාලයේ පැයට කිලෝමීටර් 180ක පමණ වේගයකින් හමා එනු ඇති බවයි එමගින් කියා සිටියේ.
එය මේ වන විට ටෝකියෝ නුවරට කිලෝමීටර් 400ක් පමණ ඈතින් ස්ථානගත වී ඇති අතර, යොමු වී ඇත්තේ බටහිර ජපානයේ චුගෝකු ප්‍රදේශයටයි.
මේ මස මුලදී එහි ඇති වූ ජල ගැලීම් සහ නාය යාම් හේතුවෙන් පුද්ගලයන් 220 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වුණා.
ජොන්දාරි සුළි සුළඟ මගින් ද දැඩි වර්ෂාපතනයක් මෙන්ම ජල ගැලීම් සහ උස් රළ අපේක්ෂා කෙරෙන බවයි ජපාන කාලගුණ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ.