ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාමක් සති අන්තය වන විට දක්නට ලැබුණා.
බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 74යි ශත 35 දක්වා ඉහළ ගිය අතර, ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 69යි ශත 35ක් ලෙසයි.
හවුති කැරළිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් රතු මුහුද හරහා තෙල් ප්‍රවාහනය අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කිරීම මෙලෙස තෙල් මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක්. ලොව විශාලතම තෙල් අපනයනය කරන රට සෞදි අරාබියයි.