Gossips

දකුණු අප්‍රිකානු ජනපතිට පැය 48ක්

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමාට ඉල්ලා අස්වීම සඳහා එරට පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසය පැය 48ක කාලයක් ලබාදී තිබෙනවා.
ඒ, අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ විධායක කමිටුව පැය 8ක් මුළුල්ලේ පැවැත්වූ රැස්වීමකින් අනතුරුවයි.
එය රැස්වුණේ ජනාධිපති සූමා වෙනුවට අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ නායකයා ලෙස තෝරා ගැනුණු සිරිල් රමෆෝසාගේ ප්‍රධානත්වයෙන්.
ජනාධිපති ජේකොබ් සූමාගේ 9 වසරක පාලනය කාලය තුළ විශාල මූල්‍ය දූෂණ සිදුවූ බවට චෝදනා එල්ල වනවා.
පක්ෂ නායකත්වය වෙනස් කළ ද ඔහු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැහැ.
ඉන් අනතුරුවයි පක්ෂ නායකයන් ඊයේ රැස්වී මෙලෙස ඔහුට ඉල්ලා අස්වන ලෙස බල කිරීමට තීරණය කළේ.