Gossips

ව්‍යාජ ගමන් බලපත්‍රයකින් මෙරටට පැමිණි විදේශිකයෙකු අත්අඩංගුවට

ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ඉරාන ජාතිකයෙක්.
ආගමන විගමන නීති උල්ලංගණය කරමින් ව්‍යාජ බ්‍රසීල ගමන් බලපත්‍රයක් උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි ඔහු, පසුව එක්සත් රාජධානියට යාමට උත්සාහ කර ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.