Gossips

කළු ගඟේ දිය නෑමට ගිය දෙදෙනෙකු අතුරුදන්

හොරණ – වගවත්ත ප්‍රදේශයෙන් කළු ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.
ඊයේ පස්වරුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ උඩුපුස්සැල්ලාව සහ පස්සර ප්‍රදේශවල පදිංචි 26 සහ 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙක්.
අතුරුදන්වූවන් සොයා පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදාව මේ වන විටත් මෙහෙයුමක් දියත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.