Gossips

කරුණානිධි රෝහල් ගත කෙරේ

තමිල්නාඩුවේ දේශපාලනඥයෙකු වන, ප්‍රාන්ත මහඇමති ධුරය 5 වරක් දැරූ 94 හැවිරිදි මුත්තවේල් කරුනානිධි ඊයේ රාත්‍රියේ හදිසියේ රෝගාතුරව රෝහල් ගත කර තිබෙනවා.
ඒ, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවට කරුනානිධිගේ පුත් එම්.කේ. ස්ටාලින් ප්‍රකාශයක් සිදුකර පැය කිහිපයක් ගතවීමට පෙරයි.
රුධිර පීඩනය පහත වැටීම හේතුවෙන් ඔහු චෙන්නායි හි කාවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.
කෙසේ නමුත් රුධිර පීඩනය මේ වන විට යථා තත්ත්වයට පත්වී ඇති බව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා.
හිටපු මහඇමති කරුණානිධි රෝහල් ගත කිරීමත් සමඟ තමිල්නාඩු ඩී.එම්.කේ. පක්ෂ අනුගාමිකයින් දහස් ගණනක් රෝහල ආසන්නයේ රොක් වී සිටිනවා.