Gossips

බලංගොඩ දරුවා ගැන දන්නව නම් කියන්න අංක දෙකක්

අතුරුදන් වී ඇති බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා පිළිබඳ තොරතුරු දැනුම් දීම සඳහා දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබෙනවා.
බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ පෞද්ගලික දුරකථන අංකය වන 0718 591 388 අංකයට හෝ බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ කාර්යාලීය දුරකථන අංකය වන 045 22 87 422 යන අංකවලට මෙම තොරතුරු ලබාදිය හැකියි.
අදාළ දරුවා අතුරුදන් වී අදට දින 9ක් ගත වුවත් ඔහු පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් වාර්තා වන්නේ නැහැ.
බලංගොඩ පොලීසිය සඳහන් කළේ ආසන්නයේ ඇති පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධ කර දරුවා සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
පසුගිය 20 වන සිකුරාදා මෙම 10 හැවිරිදි දරුවා අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වී තිබුණා.
පසුව යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීම සඳහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ අතර එය පසුගියදා අතරමඟ නතර කර දැමුවේ ඔහු පිළිබඳව තොරතුරක් වාර්තා නොවීම හේතුවෙන්.
දැනට සමනලවත්ත ප්‍රදේශය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සියලුම ප්‍රදේශවලට ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු සහ ප්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරන බවයි බලංගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.