Gossips

මත්පෙති සහ කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු පොල්ගහවෙල දී අත්අඩංගුවට

පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ දී මත්පෙති සහ කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 84යි මිලිග්‍රෑම් 800ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.
පොල්ගහවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.