Gossips

70 දෙනෙකුගේ වරප්‍රසාද ඉල්ලා, 7 වන දා කථානායකට ලිපියක් – 16යේ දෙනාගෙනුත් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

ලබන 7 වන දා පාර්ලිමේන්තුව ආරම්භයේදී විපක්ෂයේ 70 දෙනෙකුගේ අයිතිවාසිකම් ඉල්ලා කථානායකවරයා වෙත ලිපියක් යොමු කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව මෙම ලිපිය ඉදිරිපත් කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ද විපක්ෂයේ අයිතිවාසිකම් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දැනුවත් කර තිබෙනවා.
මේ, 16යේ කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට සහ පොදුරාජ්‍ය මණ්ඩලයට මේ වන විටත් ඒ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බවයි.