Gossips

දකුණු අප්‍රිකාව එක්දින තරගාවලිය ගැන බලාපොරොත්තුවෙන්

ටෙස්ට් තරගාවලියේදී දඟ පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණදීමට නොහැකි වුවද ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේදී සිය කණ්ඩායම දස්කම් දක්වනු ඇතැයි දකුණු අප්‍රිකානු පිතිකරණ පුහුණුකරු ඩේල් බෙන්කන්ස්ටයින් පවසනවා.
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම එක්දින තරඟය හෙට දඹුල්ලේදී ආරම්භවීමට නියමිතයි. ටෙස්ට් තරගාවලියේ ඉනිම 4න් 3කදී දකුණු අප්‍රිකානු පිළ පන්දු වාර 60කට අඩු සංඛ්‍යාවකදී දැවී ගියා.
පුහුණුකරු ඬේල් බෙන්කන්ස්ටයින් සඳහන් කළේ එක්දින තරගාවලිය සිය පිතිකරුවන්ට ස්ථාවරවීමේ අවස්ථාවක් ලෙස සලකන බවයි.