Gossips

ඉන්දීය ධීවර යාත්‍රා 174ක් මුදා හරින ලකුණු

මෙරට මුහුදු සීමාව උල්ලංගණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රා මුදා හැරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ අනුව රජය භාරයේ පවතින ඉන්දීය ධීවර යාත්‍රා 174ක් මුදා හැරීමටයි රජය කටයුතු යොදා ඇත්තේ.
මේ වන විටත් ඊට අදාළ නීතිමය තත්ත්වයන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසා ඇති බව සඳහන්.
මෙරට භාරයේ ඇති ඉන්දීය ධීවර යාත්‍රා වැඩි ප්‍රමාණයක් තමිල්නාඩුවේ පුදුකෝට්ටෙයි, නාගපට්ටම්, රාමනාදපුරම්, කරයිකාල් සහ තන්ජෝල් යන ප්‍රදේශවලට අයත් පුද්ගලයින්ට අයත් ඒවා බවයි වාර්තා වන්නේ.
මේ අතර, ඉන්දීය මාධ්‍ය සඳහන් කර තිබුණේ පසුගිය බදාදා ධීවර යාත්‍රා 50ක් පමණ ලක් රජය මුදා හැරි බවයි.