Gossips

සංහිඳියාවට නිදසුනක් බලංගොඩින්

ජාතීන් අතර සංහිඳියාව මාතෘකාවක් වී ඇති යුගයක ඊට හොඳම නිදසුනක් අපට බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වුණා.
ඒ, හින්දු පූජකයෙකුව සිට පසුව සම්බුදු සසුනේ උරුමය රකින්නට එක්වී පසුගියදා උපසම්පදාව ලැබූ පූජ්‍ය බගවන්තලාවේ රාහුල හිමියන්ගේ ජීවන පුවතෙන්.
උන්වහන්සේගේ ගිහි නම මහේෂ්වර ශර්මා වන අතර, බගවන්තලාව – සෙල්වකන්ද වත්ත ප්‍රදේශයේ ජීවත් වූ කන්ද ස්වාමී සුබ්‍රමනියම් සහ සරෝජා දේවීගේ බාල පුත්‍රයා ලෙස උපත ලබා ඇත්තේ 1988 වසරේදීයි.
අට හැවිරිදි වියේදී මහේෂ්වර ශර්මා හින්දු ආගමික පූජකයෙකු වීමේ සිහිනයෙන් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඉන්දියාව බලා පිටත්ව යනවා.
පසුව බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදී, ගිහි බන්ධනයන්ගෙන් අත් මිදී, කසාවත පොරවා සසුන්ගත වන්නට මහේෂ්වර ශර්මා තීරණය කරනු ලබන්නේ 2016 වසරේදීයි.
ඒ, බගවන්තලාවේ රාහුල නමින්.
රාහුල හිමියන්ගේ උපසම්පදා පිංකමද පසුගියදා පැවැත්වුණා.
උන්වහන්සේ සිංහලෙන් මෙන්ම දෙමළ භාෂාවෙන්ද දහම් දෙසන්නේ සැබෑ සංහිඳියාවේ අරුත ලොවටම පෙන්වා දෙමින්.