Gossips

රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තරුණයෙකු ජීවිතක්ෂයට

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු දෙකකින් කාන්තාවක් සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අනුරාධපුර – මැදවච්චිය මාර්ගයේ හතරැස්වල ප්‍රදේශයේදී ඊයේ යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුවුණා.
සිද්ධියෙන් යතුරුපැදිකරු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි පදවිය – ශ්‍රී පුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
මේ අතර, අනුරාධපුර බන්ධනාගාරය අසළ සිදුවූ රිය අනතුරකින් 50 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා.
ඇය පාර හරහා ගමන් කරමින් සිටියදී අනුරාධපුරයේ සිට පෝතානේගම දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බරපතල තුවාල ලබා මෙලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය සඳහන් කළේ.