Gossips

ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර තරඟ 6 ක තහනමක්

ක්‍රීඩකයන්ගේ ආචාර ධර්ම පද්ධතිය සහ කොන්ත්‍රාත්තුවේ වගකීම් උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ 6 ක තහනමක් පනවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කළා.
මෙයින් තරඟ 3 ක් තහනම් කර ඇත්තේ පසුගියදා ඇති වූ සිද්ධිය පදනම් කර ගෙන වන අතර, මීට පෙර අවස්ථාවක විනය නීති උල්ලංඝනය කිරීම් හේතුවෙන් පැනවුණු වසරක අත්හිටවූ තහනම මත තවත් තරඟ 3 ක් ඔහුට තහනම් වනවා.
එමෙන්ම, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර, පැවති දෙවන ටෙස්ට් තරඟය සඳහා ඔහුට තරඟ ගාස්තු, ප්‍රසාද දීමනා හෝ වෙනත් කිසිදු දීමනාවක් ලබා නොදීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබෙනවා.