Gossips

ඇමරිකාව සතු සියල්ල විනාශ කරන්න ඉරානය සූදානම්

ඇමරිකාව, ඉරානයට ප්‍රහාරයක් එල්ල කළහොත් ඇමරිකානුවන් සතු සියල්ල විනාශ කරන බව ඉරාන විශේෂ බලකායේ අණදෙන නිලධාරියා ප්‍රකාශ කළා.
මේජර් ජනරාල් කාසෙම් සොලෙයිමනි මේ බව ප්‍රකාශ කළේ ඇමරිකාවට තර්ජනය නොකරන ලෙසට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු ලෙසයි.
ඉරාන ටස්නිම් ප්‍රවෘත්ති සේවය සඳහන් කළ පරිදි මේජර් ජනරාල්වරයා ප්‍රකාශ කර ඇත්තේ සොල්දාදුවෙකු ලෙස තර්ජනවලට ප්‍රතිචාර දැක්වීම තම වගකීමක් බවයි.
ජනාධිපති රව්හානිට නොව යුද තර්ජන එල්ල කළ යුත්තේ තමාට බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉරාන හමුදා ඇමරිකානුවන් නොසිතන තරම් සමීපයෙන් සිටින බවත්, ප්‍රහාරයක් සඳහා පැමිණියහොත් ඊට මුහුණදීමට තමන් සූදානම් බවත්, ඔහු අවධාරණය කළා.
ඇමරිකාව යුද්ධය ආරම්භ කළහොත් එය අවසන් කිරීමට ඉරානය සූදානම්.
එහිදී ඇමරිකානුවන් සතු සියල්ල විනාශ වනු ඇති බවයි ඉරාන හමුදා ප්‍රධානියා සඳහන් කර ඇත්තේ.