Gossips

පැය 11ක මෙහෙයුමකින් පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි ඊයේ රාත්‍රී 9 සිට අද උදෑසන 8 දක්වා කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක වූ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදි සිදුකළ පුද්ගලයින් 3325 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ මෙහිදී රථ වාහන නඩු 5808ක් ද ලබාගත් බවයි.
මෙහෙයුමට එක්වූ නිලධාරීන් සංඛ්‍යාව 16422 ක්.
මෙහිදී බීමත් රියදුරන් 541 ක්, වරෙන්තුකරුවන් 948 ක්, විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 938 ක්, හෙරොයින් ඇතුලු නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 812 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම වෙනත් දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් සැකකරුවන් 84 ක් සහ ගිනි අවි සමග පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුනා.