Gossips

කොළඹ විදුලි කප්පාදුව අද නොවෙයි හෙට

විදුලි රැහැන් පද්ධතියේ අත්‍යාවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ කොළඹ නගරයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය විසන්ධි කිරීම අවලංගු කර තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ අදට යෙදෙන ඇසළ පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් සිදුවන ආගමික වැඩසටහන් පිළිබඳ සලකා බලා මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, කොළඹ 03,04,05,07 සහ 08 යන ප්‍රදේශවල හඳුනාගත් ස්ථානවලට හෙට පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා අදාළ විදුලිය විසන්ධි කිරීම ක්‍රියාත්මක බව ද විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මීට අමතරව, කොළඹ 03,04,05,07 සහ 08 ලබන 31 වනදා දක්වා එම ප්‍රදේශවලට ඇතැම් විට කඩින් කඩ විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද අමාත්‍යාංශය නිවේදනය කළා.