Gossips

හරිත බල ශක්ති ශූරතාව, ජනපති අතින් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයට පිරිනැමේ

පසුගිය වසරේ හරිත බලශක්ති ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත හරිත බලශක්ති ශූරයා සම්මානය ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරුණා.
කොළඹ ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පැවති එම උත්සවයේදී ශූරතාවය සමඟ එම ආයතනයට රුපියල් මිලියන 10 ක් ලබාදීමද සිදුකෙරුණා.
ජර්මානු ජනරජයේ විදේශ කටයුතු කාර්යාලය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය එක්ව මෙම තරඟය සංවිධාන කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
එහිදී මෙරට බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතය සහ පුනර්ජනනීය බලශක්ති පරිහරණය පිළිබද නව අදහස් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණා.