Gossips

කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ගේ සිරුරු නැවත ගෙනේ

කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකානුවන්ගේ බවට විශ්වාස කෙරෙන සිරුරු කොටස් හෝ භෂ්මාවශේෂ උතුරු කොරියාවේ සිට නැවතත් ඇමරිකාවට රැගෙනවිත් තිබෙනවා.
ඒ කොරියානු යුද්ධය නිමා වී වසර 65 ක් ගත වීමෙන් අනතුරුවයි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සිංගප්පූරුවේ පැවති සමුළුවේදී ඇති වූ එකගතාවයකට අනුවයි.
කොරියානු යුද්ධයේදී මියගිය ඇමරිකානු සොල්දාදුවන් 5300 කට වැඩි සංඛ්‍යාවකගේ සිරුරු උතුරු කොරියාවේ පැවති බව විශ්වාස කෙරෙනවා.