Gossips

නීතිවිරෝධීව ගෙන ආ විසිලක්ෂයක දුම්වැටි සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් විදේශීය දුම්වැටි තොගයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන 5ට පමණ ඩුබායි සිට මොවුන් දිවයිනට පැමිණ ඇති අතර ඔවුන්ගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදීයි මෙම දුම්වැටි තොගය සොයාගෙන ඇත්තේ.
එහි අසුරණ 462ක දුම්වැටි 41,000කට වැඩි ප්‍රමාණයක් තිබූ බව සඳහන්. අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා 40 සහ 31 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් පුද්ගලයා 42 හැවිරිදි වියේ පසුවන කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.