Gossips

උතුරේ නිවාස ව්‍යාපෘතිය ඉන්දියාවට දෙන්නැයි දෙමළ සන්ධානය ඉල්ලයි

යුද්ධයෙන් පීඩාවට පත් උතුරු පළාතේ දෙමළ වැසියන් සඳහා රජය මගින් ඉදිකිරීමට යෝජිත නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඉන්දීය රජයට ලබාදීමට අග්‍රාමාත්‍යවරයා කැමැත්ත පළ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් ඊයේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීයි.
උතුර සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මෙම නිවාස ව්‍යාපෘතිය චීන සමාගමට ලබාදීමට පසුගියදා යෝජනා කර තිබුණා.
කෙසේ වෙතත්, ඊයේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් අග්‍රාමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කර ඇත්තේ නිවාස 40,000 කින් යුත් මෙම ව්‍යාපෘතිය ඉන්දීය රජයට ලබාදෙන ලෙසයි.