ඩුබායිහි සමාගමක සේප්පුවකින් අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් එනම් රුපියල් කෝටි 320කට වැඩි වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගත් බව ඩුබායි පොලීසිය ප්‍රකාශ කරනවා.
එම දියමන්තිය සපත්තු ජෝඩුවක් තුළ සගවා ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි ඩුබායි පොලීසිය උපුටා දක්වමින් ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්රවෘත්ති සේවය සදහන් කළේ.
ඩුබායිහි මූල්‍ය හුවමාරු සමාගමක ආරක්ෂකයෙකු විසින් මෙම දුර්ලභ ඝණයේ දියමන්තිය පසුගිය මැයි 25 වනදා එහි සේප්පුවෙන් ඉවත් කරගෙන ඇති බව සොයා ගෙන ඇත්තේ සී.සී.ටී.වී දර්ශන වාර දහස් ගණනක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුවයි.
එය අදාළ ආරක්ෂකයා විසින් ඩුබායි රාජ්‍යයෙන් පිට කිරීම සදහා ඔහුගේ ඥාතියෙකුට ලබාදී ඇති බව සදහන්.
සොරකම අනාවරණ කරගැනීමෙන් පසු එම ආරක්ෂකයා ඩුබායි හි වෙනත් ප්‍රදේශයක සිටියදී අත්අඩංගුවට ගත් බව ඩුබායි පොලීසිය සදහන් කර තිබෙනවා.
එහෙත් ඒ පිළිබද වැඩිදුර තොරතුරු හෝ දියමන්තිය ශ්‍රී ලංකාවෙන් නැවත ලබාගත් ආකාරය පිළිබද තොරතුරු එමගින් හෙළිදරව් කර නැහැ.