ලා ඕසයේ ජල විදුලි බලාගාර ජලාශයක බැම්මක් බිදී යාමෙන් මියගිය සංඛ්‍යාව පිළිබද නිවැරදි තොරතුරු එරට රජය ඉදිරිපත් නොකරන බවට චෝදනා එල්ල වනවා.
දකුණු කොරියානු සමාගමක් මගින් ඉදිකළ ෂේ – නම්නෝයි වේල්ල පසුගිය සදුදා බිදී යාමෙන් ගම්මාන රැසක් මුළුමනින්ම ජලයෙන් යටවූ අතර සිය ගණනක් අතුරුදන් වුණා.
කෙසේ නමුත්, ලා ඕස රජය ප්‍රකාශ කළේ එහිදී පුද්ගලයින් 27 දෙනෙකු ජිවිතක්ෂයට පත්වී 131 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.
එහෙත්, අවම වශයෙන් පුද්ගලයින් 300 කට වැඩි සංඛ්‍යාවක් එහිදී මියයන්නට ඇති බව ලා ඕස වැසියන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සදහන් කළා.
තවත් 3000 කට අධික පිරිසක් වේල්ල බිදීයාමෙන් ඇති වූ ජල ගැල්ම නිසා නිවෙස්වල වහල මත අවතැන්ව සිටින බව වාර්තා වනවා.