Gossips

ගාලු ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය ඉදිකලේ තාවකාලිකව බව ඒකාබද්ධය කියයි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් පින්නදූව ප්‍රදේශයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මහින්ද රාජපක්ෂ ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලූවක් සමගයි මෙම ක්‍රීඩාංගනය පිළිබදව අවධානය යොමුව ඇත්තේ.
මීට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් කොග්ගල ප්‍රදේශයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයක් ඉදිකිරීම පිළිබදව අදහස් පළ කර තිබුණා.
පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්නගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව විමසා සිටියා.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහරගම ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රීඩාගාරය තාවකාලිකව ඉදිකිරීමට පමණක් එකල අවසර ලබාදුන් බවයි.