Gossips

හිරු ගමින් ගමට – මිනිපේ – වෙල්එළියට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ මහනුවර – මිනිපේ – හසලක – තෝරපිටිය – වෙල් එලිය ගම්මානය කේන්ද්‍ර කරගනිමින්.
දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම සඳහායි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.
එහිදී ගම්වැසියන්ට සජීවී වැඩසටහන්වලට සම්බන්ධවීමටද අවස්ථාව හිමිවූ අතර, ත්‍යාග රැසක් ඔවුන්ට බෙදාදීමට හිරු එෆ්.එම්. කටයුතු කළා.