Gossips

ෆේස්බුක් අගය අඩුවෙයි

ලොව වඩාත්ම ප්‍රචලිත සමාජ මාධ්‍යය වන ෆේස්බුක් හි වෙළදපොල අගය දිනක් තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 120 කින් පහත වැටී තිබෙනවා.
ෆේස්බුක් ආයතනය ඊයේ සිය ආයෝජකයන්ට අනතුරු ඇගවූයේ සමාගමේ ආදායම් ජනනය මන්දගාමී වී ඇති අතර, වියදම් ඉහළ ගොස් ඇති බවයි.
ඒ සමගම එහි කොටස් අගය සියයට 19 කින් පහත වැටුණු බවයි වාර්තා වන්නේ.
ෆේස්බුක් ආයතනය පසුගිය කාලය තුළ පරිශීලකයන්ගේ දත්ත අවභාවිතය සහ ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධයෙන් ගැටලූ රැසකට මුහුණ දුන්නා.
එහි වියදම් ඉහළ යාමට එක් හේතුවක් වී ඇත්තේ ද මෙලෙස ව්‍යාජ සහ හානිකර පුවත් අධීක්ෂණය සදහා නව පියවර ගැනීමට සිදුවීමයි.