දකුණු කොරියාව සමඟ සංහිදියාව සහ සංවාදයක් පවත්වා ගැනීම වැදගත් වන බව උතුරු කොරියානු නායක කිම් ජොං අන් පවසනවා.rn
දකුණේ සංචාරය කළ සිය නැගෙනිය ඇතුළු ඉහළ පෙළේ ධූත පිරිස පිළිගනිමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර උණුසුම් සහයෝගයක් ගොඩනැගිය යුතු බවයි. මෙවර දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සඳහා උතුරු කොරියානු කණ්ඩායමක් සහභාගි වන අතර, ඔවුන් සමඟ දකුණේ සංචාරය කළ ඉහළ පෙළේ දූත පිරිස ඊයේ නැවතත් සිය රට පැමිණියා.