Gossips

පළාත් සභා මැතිවරණය ගැන නිදහස් පක්ෂයේ තීන්දුව ඉදිරි සතියේ

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි සතියේ අවසන් තීරණයක් ගන්නා බව සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමවීර පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ අතර, ඉදිරි මහ කන්නයේදි වස විස නැති වී ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා වන සාකච්ඡාවක් ද කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද පැවැත්වුණා.
වස විසෙන් තොර ගොවිතැනක් යන්න තේමා පාඨය පිලිගත් කෙනෙකුට පමණක් ඉදිරි ජනාධිපතිවරණයේදි ජයග්‍රහණය කළ හැකි බව ප්‍රායෝගික ඔප්පු කරන බව පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී ප්‍රකාශ කළා.