Gossips

විශේෂ මහාධිකරණයේ පළමු නඩුවට අධි චෝදනා ගොනු වෙයි

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පළමු නඩු විභාගයට අදාළව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබෙනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නීතිපති දෙපාර්තමේන්තුව එය තහවුරු කළා.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් බණ්ඩාර හපුහින්නට රජයේ මුදල් සාවද්‍ය පරිහරණය යටතේ මීට පෙර චෝදනා එල්ල වී තිබුණා.
ඒ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු රුපියල් බිලියන 185ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යෙදවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්.