Gossips

බලංගොඩ දරුවා අතුරුදන් වී සතියයි

බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා අතුරුදන්වී අදට දින 7 ක් ගතවුවත් ඔහු පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
පොලීසිය සදහන් කළේ ඊයේ සිට පොලිස් ස්ථාන 4 ක් ඒකාබද්ධ කර දරුවා සොයා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
පසුගිය 20 වන සිකුරාදා මෙම 10 හැවිරිදි දරුවා අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වී තිබුණා.
පසුව යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව දරුවා සෙවීම සදහා විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කළ අතර එය පසුගියදා අතරමග නතර කර දැමුවේ ඔහු පිළිබඳව තොරතුරක් වාර්තා නොවීම හේතුවෙන්.
දැනට සමනලවත්ත ප්‍රදේශය සහ ඒ ආශ්‍රිත අනෙකුත් සියලූම ප්‍රදේශවලට ගොස් පරීක්ෂා කිරීමේ කටයුතු සහ ප්‍රකාශ සටහන් කර ගැනීමේ කටයුතු සිදුකරන බවයි බලංගොඩ පොලීසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.
මේ අතර, සිය මිතුරාගේ වයස අවුරුදු 9 ක දියණියට ලිංගික අතවර කළ පුද්ගලයෙකුට වසර 10 කට සිර දඩුවමක් ලබාදීමට හම්බන්තොට පළාත්බද මහාධිකරණය අද නියෝග කළා.
මීට වසර 20 කට පෙර තිස්සමහාරාම බෙරලිහෙළ කුඩා ගම්මානයේදී සැකකාරු අදාළ දැරිය අපයෝජනයට ලක් කර තිබෙනවා.