Gossips

දුම්රිය වර්ජනයෙන් ගමන්වාර රැසක් ඇණ හිටී – මගීන් නොසන්සුන් (ඡායාරූප)

දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව අද පස්වරු 2 ට ආරම්භ කළ හදිසි වර්ජනය පස්වරු 4 ට අවසන් වීමට නියමිතයි.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා සිදුකරන ලද ප්‍රකාශයකට විරෝධය පළ කරමින් මෙම විරෝධතාවය ආරම්භ කළ බවයි දුම්රිය වෘත්තීය සමිති සඳහන් කළේ.
වර්ජනයත් සමඟ පස්වරු 2 සිට පැය දෙකක කාලය තුළ කොළඹ කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කිරීමට නිබූ සියලූ දුම්රිය ධාවනය නොවූ අතර දුම්රිය කිහිපයක් අතරමඟ නතර කර ඇති බව ද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
එසේම, මරදාන සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානවල ප්‍රවේශ පත්‍ර කවුළුද වසා දමා තිබූ අතර මගීන් නොසන්සුන් අයුරින් හැසිරීම නිසා මරදාන දුම්රිය ස්ථානයේ දේපලවලට ද හානි සිදුවී තිබෙනවා.
කෙසේ වෙතත්, පස්වරු 4 න් පසු නියමිත පරිදි දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ සඳහන් කළේ.