Gossips

වැල්ලවාය රක්ෂිතයක ගින්නක්

වැල්ලවාය – කොටවෙහෙර ප්‍රදේශයේ මහතැන්න කඳුරක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.
ඊයේ(12) පෙරවරුවේ හට ගත් මෙම ගින්න මේ වන විටත් පැතිර යමින් පවතින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
ගින්නෙන් අක්කර 60කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
ප්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.