Gossips

මහබැංකුවේ යැයි පවසා මුදල් වංචා කළ මවක් සහ දියණියක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහබැංකුවේ සේවය කරන බව පවසමින් විහාරස්ථානවලට ගොස් මුදල් වංචා කළ මවක් සහ දියණියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විහාරස්ථානවල සංවර්ධනය සදහා මුදල් ලබා ගැනීමට නම් ගිණුමක් ආරම්භ කළ යුතු බව පවසමින් ඔවුන් මෙලෙස මුදල් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.
ඒ අනුව, එම මව සහ දියණිය වැලිමඩ ප්‍රදේශයේ විහාරස්ථානයකින් ලක්ෂ එකහමාරක පමණ මුදලක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී පොලීසිය අද අත්අඩංගුවට ගත්තා.
සැකකාර මව රැකියාව ලබාදෙන බව පවසමින් ද දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුදල් වංචා කර ඇති බවටයි වාර්තා වන්නේ.