Gossips

මොණරාගල පවුල් දාහතරක් නීත්‍යානුකූල විවාහ දිවියට

මොණරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වසර ගනනාවක් තිස්සේ නීත්‍යානුකූල ලෙස විවාහ වී නොසිටි පවුල් දාහතරක් නීත්‍යානුකූලව විවාහයට පත් කීරීමක් පසුගිය දා සිදු කෙරුණා.
මොණරාගල දිස්ත්‍රික් ලේකම් ගිතා ශ්‍රීයානි පත්මකුලසූරියගේ මැදිහත් වීමෙන් ජංගම සේවයක් පවත්වා මෙලෙස විවාහ කිරීම් සිදු කර දී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මොණරාගල පාර්වතී විද්‍යාලයේ දී මෙම වැඩසටහන පැවති අතර එහිදී මෙම විවාහ සිදු කර ඇති අතර තවත් පවුල් රැසක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටින බවටද අනාවරණය වී තිබෙනවා.
ආර්ථික අපහසුතා සහ නිසි වැටහීමක් නොමැති කම මෙයට ප්‍රධාන හේතුව බවයි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් පවසන්නේ.