Gossips

බාල සහෝදරිය සෞදියෙන් ගෙන්වා දෙන්නැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලයි

2006 වසරේ සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය තම බාල සහෝදරියව නැවත දිවයිනට ගෙන්වා දෙන ලෙස පොළොන්නරුවේ පදිංචි කාන්තාවක් බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා.
ගිවිසුම්ගත කාලය අවසන්වීමෙන් අනතුරුවත් තම සහෝදරියව මෙලෙස එරට රඳවාගෙන ඇති බවයි ඇය සඳහන් කළේ. 37 හැවිරිදි කුරුණෑගල – මහව – අඹන්පොල පදිංචි නිලූකා ප්‍රියදර්ශනී නැමති තම නැගණියගේ ස්වාමි පුරුෂයා මේ වනවිට මියගොස් සිටින අතර ඇයගේ දරුවන් තුන් දෙනා තමන් විසින් රැකබලා ගන්නා බවත් ඇය කියා සිටියා.
සහෝදරිය සේවය කරන නිවසේ හාම්පුතා විසින් නිරන්තරයෙන් හිරිහැර සිදුකරන බවට ඇය දැනුම් දී තිබූ බවයි මෙම කාන්තාව සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් ඇය දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.