Gossips

දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් සඳුදා වර්ජනයක

දුම්රිය සේවයේ වැටුප් විෂමතාවට අමාත්‍ය මණ්ඩලය ලබාදුන් අනුමැතිය දුම්රිය බලධාරීන් ක්‍රියාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ලබන 30 වනදා සිට පැය 48 ක වර්ජනයකට එළඹීමට තීරණය කර තිබෙනවා.
ඊට දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක, දුම්රිය පාලක සහ දුම්රිය රියදුරන්ගේ වෘත්තිය සමිති සහය පළ කරන බවයි දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මේ අතර ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුමට සහ තවත් කරුණු 10 ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයද ලබන 3 වනදා සිට දීපව්‍යාප්ත වර්ජනයක් සිදුකරන බව පසුගියදා ප්‍රකාශ කළා.