Gossips

ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ පළමු ස්ථානයට

ඉදිරියේදී මෙරට තුළ අභ්‍යන්තර ගුවන් ගමන් කඩිනමින් ආරම්භ කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අඛන්ඩ නිරුපද්‍රිතා ඇගයීම් විගණන පරීක්ෂණයෙන් මෙරට ගුවන් සේවා අධිකාරිය දකුණු ආසියාවේ පළමු ස්ථානය පැමිණ ඇති බවයි.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය පසුගිය මස 4 වනදා සිට 15 වනදා දක්වා කාලය තුල මෙම විගණනය සිදුකර තිබෙනවා.
විගණන පරීක්ෂණය ලොව පුරා රටවල් 192 ක සිදුකර ඇති බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.