Gossips

පාකිස්ථාන මහ මැතිවරණයේ නිල නොවන ප්‍රතිපලවලට අනුව ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඉදිරියෙන්

පාකිස්ථාන මහ මැතිවරණයේ මෙතෙක් ලැබී ඇති නිල නොවන ප්‍රතිඵල වලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් නායකත්වය දරණ පී.ටී.අයි. පක්ෂය ඉදිරියෙන් පසුවන බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඊයේ ඡන්ද විමසීම ආරම්භ වූ අතර, මිලියන 106 කට වැඩි ඡන්ද දායකයින් සංඛ්‍යාවක් ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියා.
කෙසේ වෙතත් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මන්දගාමීව සිදුවන අතර, එය යම්කිසි වංචාවක් සිදුකිරීමේ අරමුණිින් සිදුකරන බවටයි ඇතැම් පාර්ශව චෝදනා නගන්නේ.
කෙසේ වෙතත් එරට මැතිවරණ නිලධාරීන් සඳහන් කර ඇත්තේ තාක්ෂණික හේතූන් මත මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාදවන බවයි.