Gossips

කෝටි 400ක මුදල් වංචාවකට, හිටපු ලේකම්වරයෙකු අත්අඩංගුවට ගන්න, විවෘත වරෙන්තු

නිල්වලා ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කළ මුදලින් රුපියල් කෝටි 400ක මුදලක් අවභාවිතා කළ බව කියන සිද්ධියකට අදාළව වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට විවෘත වරෙන්තු නිකුත් කර තිබෙනවා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් ගොනු කර ඇති නඩුවකට අදාළව කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙලෙස වරෙන්තු නිකුත් කළා.
ව්‍යාපෘතිය වෙනුවෙන් වෙන් කර තිබූ මුදලින් සියයට 5ක මුදලක් ඔහු විසින් අවභාවිතා කර ඇති අතර, මූලික විමර්ශනවලින් ලේකම්වරයා මඟහැර ගොස් ඇති බවයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, අධිකරණයට දැනුම් දී ඇත්තේ.