Gossips

කෑගල්ලේ නොනිදන වෙළඳකුටි සඳහා රුපියල් මිලියන 65 ක් ලබාදීමට ජනපති සූදානම්

රජයක් ලෙස ප්‍රතිපත්ති සහ සැලසුම් වශයෙන් සංවර්ධන ව්‍යාපෘති ඉහළින් ක්‍රියාත්මක කළද එහි සාර්ථකත්වය පවතින්නේ ක්‍ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය මත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී ඊයේ පැවති ග්‍රාමශක්ති වැඩසටහනට එක්වෙමින්.
එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ කෑගල්ල නගරයේ නොනිදන වෙළඳසැල් ඉදිකිරීම සඳහා දිසාපතිවරිය මිලියන 65 ක මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත්, එම මුදල ලබාදීමට රජය කටයුතු කරන බවයි.
එමෙන්ම එයින් පළමුව රුපියල් මිලියන 25 ක් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.