Gossips

ධනුෂ්ක ගුණතිලකගෙන් පොලීසිය ප්‍රශ්ණ කරයි

තරග තහනමට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු විසින් නෝර්වීජියානු තරුණියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ඔහුගෙන් ඊයේ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොල්ලූපිටිය පොලීසිය විසින් ඊයේ දිනයේදී ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇති බවයි.
ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් නෝර්වීජියානු තරුණියක් විසින් පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ධනුෂ්ක ගුණතිලකගේ මිතුරෙකු අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.