ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය නොලැබුණද මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය වෙනස් නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එහිදී ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ මතුව ඇති ගැටළුකාරිත්වය සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ක්‍රීඩාංගණයේ පවතින ඉදිකිරීමක් පමණක් ඉවත් කිරීමට අවධානය යොමුව ඇති බවයි.
එමෙන්ම ඊයේ දිනයේදී නිව්යෝක් ටයිම්ස් වාර්තාව සම්බන්ධයෙන් තමන් ප්‍රකාශ ලබාදීමට පෙර අග්‍රාමාත්‍යවරයා අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට කටයුතු කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයටද අමාත්‍යවරයා පිළිතුරු ලබාදුන්නේ විපක්ෂයට චෝදනා එල්ල කරමින්.