Gossips

නව ව්‍යවස්ථාව වංචාව නීතිගත කිරීමේ උත්සාහයක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා වර්තමාන රජය වංචාව නීතිගත කිරීමට උත්සාහ දරණ බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මෙම අදහස් පළ කළා.
ආණ්ඩුවේ ඇතැම් පාර්ශවයන්ට අවශ්‍ය පරිදි යෝජනා ඉදිරිපත් කරමින් ව්‍යවස්ථාව ගෙන ඒමට සූදානම් වන බවද මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
මෙම ව්‍යවස්ථාවට ජනාධිපතිවරයා ඉවත් කිරීමට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ කථානායකවරයාට බලතල ලබාදීමේ යෝජනාවක්ද ඇතුළත් වන බවද ඔහු එහිදී සඳහන් කළා.