Gossips

පැරණි ක්‍රමයට පළාත් සභා 6 ක් තියන්න යූඑන්පීය තීරණය කරයි

පළාත් සභා 6 ක මැතිවරණය ලබන දෙසැම්බර් හෝ ජනවාරි මාසයේ පැරණි මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ නියෝජිතයන් ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ සිදුකළ ප්‍රකාශය පිලිබඳව සොයාබැලීමට පත් කළ කමිටු වාර්තාව අද දිනයේදී කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත්ව තිබුණේ නැහැ.